සේවය, කරුණාව සහ මානව ගරුත්වය උදෙසා කැප වූ උදාර මිනිසෙකු සිහිපත් කරමින්…

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ, දිවංගත ආචාර්ය ඒ. ටී. ආරියරත්න මැතිතුමන්ගේ 95 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන්, එතුමන් සමාජය වෙත දායාද කළ අසමසම මානුෂීය දැක්ම සහ ජීවිත කාලය පුරා සිදු කළ මෙහෙවර අපි මහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.
මානව ගරුත්වය, ස්වයංපෝෂිත ජීවන රටාව, සාමය සහ ප්‍රජාවන්ගේ පොදු සුබසිද්ධිය පදනම් කරගත් එතුමන්ගේ දැක්ම, දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධන ගමන්මඟ උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටු කළේය.
සැබෑ සංවර්ධනයක් ළඟා කරගත හැක්කේ ජනතා සහභාගීත්වය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය තුළින් පමණක් බව එතුමන්ගේ ජීවිතය සහ කාර්යභාරය අපට නිරතුරුවම පසක් කර දෙයි.
එතුමන් අප වෙත පැවරූ මානුෂීය වටිනාකම් සහ සර්වෝදය දර්ශනය ඉදිරියට ගෙන යමින් අනාගත පරපුර වෙත දායාද කිරීම අප සැමගේ සාමූහික වගකීමකි.
එතුමන්ගේ උදාර දැක්ම සහ නොමැකෙන මතකය සදාතනිකව අප හදවත් තුළ රැඳෙමින් අනාගත පරපුරට නිරන්තර ආලෝකයක් වනු ඇත.
Social Sharing
නවතම පුවත්