වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් සෙවීමට නව වැටුප් මණ්ඩලයක්!

වතු කම්කරුවන්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නව වැටුප් මණ්ඩලයක් පත් කර, අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර ඔවුන්ට සහනයක් ලබාදීමට රජය බලාපොරොත්තු වන බව නීතිපතිවරයා ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ජීවන වියදමට සරිලන වැටුපක් තමන්ට නොලැබීම සම්බන්ධයෙන් වතු කම්කරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි මහත්මිය මේ බව දැනුම් දුන්නාය.

එහිදී රජයේ නීතිඥවරිය වැඩිදුරටත් සඳහන් කළේ, දැනට පවතින වැටුප් මණ්ඩලයේ නිල කාලය ද මේ වන විට අවසන් වී ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලුණි.

නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

Social Sharing
නවතම පුවත්