
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් (Braille) ක්‍රමයට සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.
මෙම සුවිශේෂී වැඩපිළිවෙළ හරහා මෙරට දෘශ්‍යාබාධිත දරුවන්ට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය මෙන්ම ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මූලික දැනුම හා අවබෝධය ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන හරහා රටේ සියලුම දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වී තිබේ.
කිසිදු දරුවෙකු අත්නොහැර, ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම සහ තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව සෑම දරුවෙකුටම තහවුරු කිරීම අමාත්‍යාංශයේ ප්රමුඛ අපේක්ෂාව බවද සඳහන් වේ.
ඒ අනුව, දෘශ්‍යාබාධිත දරුවන්ගේ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම සමාජයේ සියලුම දරුවන් වෙත සමානව ළඟා කරවීම සඳහා මෙම පියවර වැදගත් ප්‍රවේශයක් වනු ඇත.
