
පැෆ්රල් සංවිධානය විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක්‍රියාකාරීත්වය සනිටුහන් කරමින් නොවැම්බර් මස 26 වන දින පැවැත්වීමට නියමිත පාපැදි සවාරිය සහ පාගමන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (23) පැෆ්රල් කාර්යාලයේදී පැවැත්වින. ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
මාධ්‍ය නිවේදනය
කොළඹ, 2026 නොවැම්බර් 23
“No Violence – No Excuse”
“ප්රචණ්ඩත්වය එපා–නිදහසට කරුණු එපා”
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක්‍රියාකාරීත්වය සනිටුහන් කරමින් පැවැත්වෙන පාපැදි සවාරිය සහ පාගමන
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරීත්ව වැඩසටහනට සමගාමීව, නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය (පැෆ්රල් සංවිධානය) විසින් ” No Violence–No Excuse” “ප්රචණ්ඩත්වය එපා–නිදහසට කරුණු එපා” යන තේමාව යටතේ 2026 නොවැම්බර් 26 වන දින කොළඹදී පාපැදි සවාරියක් සහ පාගමනක් සංවිධානය කරනු ලබයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත්තවුන්හට සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සහ සෑම ආකාරයකම ප්රචණ්ඩත්වය හා වෙනස් කොට සැලකීම වැළැක්වීම සහ එය තුරන් කිරීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග බලමුළු ගැන්වීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙම මහජන දැනුවත් කිරීමේ වැඩසටහන හරහා ප්රචණ්ඩත්වය, අපයෝජනය, හිරිහැර කිරීම සහ බිය ගැන්වීම කිසිම විටක කිසිම තැනක නොඉවසිය යුතුය යන පණිවිඩය තහවුරු කිරීමට පැෆ්රල් සංවිධානය අපේක්ෂා කරයි.
මෙම පාපැදි සවාරිය කොළඹ 07, නිදහස් චතුරස්රයෙන් ආරම්භ වී නිශ්චිත මාර්ගයක් ඔස්සේ ගමන් කර කොළඹ 01, ගාලු මුවදොර හෝටලය ඉදිරිපිට නියමිත අවසන් ස්ථානයෙන් නිමාවට පත්වේ.
මේ සඳහා 200 කට ආසන්න පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා, ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මැතිතුමා, කෘෂිකර්ම අමාත්‍ය ගරු ලාල් කාන්ත මැතිතුමා ඇතුළු අනෙකුත් කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව, සංවර්ධන හවුල්කරුවන්, විද්වතුන්, කලාකරුවන්, සිවිල් සමාජ නියෝජිතයින්, කාන්තා සංවිධාන, ව්‍යාපාරික ප්‍රජාව, තරුණ කණ්ඩායම්, මාධ්‍යවේදීන් සහ මහජනතාව ඇතුළු පුළුල් පරාසයක පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් පිරිසක් මීට එක්වීමට නියමිතය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය සමානාත්මතාවයට, මානව ගරුත්වයට සහ සමාජය තුළ කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ අර්ථවත් සහභාගීත්වයට බරපතල බාධාවක් ලෙස තවදුරටත් පවතින බව මෙම වැඩසටහන මගින් හඳුනාගෙන ඇත. එය නිවෙස්, රැකියා ස්ථාන, අධ්‍යාපන ආයතන, පොදු ස්ථාන සහ අන්තර්ජාල පරිසරයන් තුළ සිදුවිය හැකි අතර, සමාජ හෝ ආර්ථික පසුබිම් නොසලකා පුද්ගලයන්ට බලපෑම් ඇති කරයි.
ප්රචණ්ඩත්වය හා වෙනස් කොට සැලකීම පවත්වාගෙන යන හානිකර ආකල්ප, පාලනකාරී හැසිරීම් සහ සමාජ සම්මතයන්ට අභියෝග කිරීමේ වැදගත්කම මෙම ව්‍යාපාරය මගින් ඉස්මතු කරනු ඇත. තවද, ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත්තවුන් සඳහා ශක්තිමත් ආරක්ෂාවක්, යුක්තිය සඳහා ඵලදායී ප්‍රවේශයක්, සුදුසු ආයතනික ප්‍රතිචාර සහ වැරදිකරුවන්ට එරෙහිව වගවීම තහවුරු කරන ලෙස ද මෙමගින් ඉල්ලා සිටී. ප්රජාතන්ත්රවාදය, සියල්ලන් ඇතුළත් කරගත් සහභාගීත්වය සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමට කැපවී සිටින සංවිධානයක් ලෙස, ප්‍රචණ්ඩත්වයට, හිරිහැරවලට හෝ බිය ගැන්වීම්වලට ලක්වීමේ බියකින් තොරව, පොදු සහ පෞද්ගලික ජීවිතය යන දෙඅංශයේම නිදහසේ හා ආරක්ෂිතව සහභාගී වීමට කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට හැකියාව තිබිය යුතු බව පැෆ්රල් සංවිධානය අවධාරණය කරයි.
මෙම අවස්ථාවට ආරම්භක දැනුවත් කිරීමේ සැසියක්, පාපැදි සවාරිය, පාගමන සහ සමාප්ති සැසියක් ඇතුළත් වන අතර, ඊට සමගාමීව බැනර්, ටී-ෂර්ට් සහ අනෙකුත් දැනුවත් කිරීම් හරහා ප්‍රචාරණ කටයුතු ද සිදු කෙරේ. පුළුල් මහජන අවබෝධය සහ සහභාගීත්වය දිරිමත් කිරීම සඳහා මෙම ව්‍යාපාරයේ ප්‍රධාන පණිවිඩ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සන්නිවේදනය කෙරේ.
“ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය තුරන් කිරීම යනු ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත්තවුන්ගේ හෝ තනි සංවිධානවල වගකීමක් පමණක්ම නොවේ. එය සමාජයේ සෑම අංශයකම අඛණ්ඩ කැපවීම සහ ක්‍රියාමාර්ග අවශ්‍ය වන සාමූහික වගකීමකි.”
