
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් වයස අවුරුදු 60 සම්පූර්ණ කළ ගොවීන් 170,950 දෙනෙකු වෙනුවෙන් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 3,975ක් ඔස්සේ මාසිකව රුපියල් මිලියන 415කට අධික විශ්රාම වැටුප් මුදලක් ගෙවීමට කටයුතු යොදා ඇත. නව රජයේ උපදෙස් පරිදි 2024 වසරට පෙර ගොඩගැසී තිබූ විශාල ගොවි විශ්රාම වැටුප් අයදුම්පත් ප්රමාණයක කටයුතු නිමා කර ඇති අතර, අඩුපාඩු රහිතව ලැබී ඇති අයදුම්පත් සඳහා මසක් ඇතුළත විශ්රාම වැටුප් හිමිකම් ලබා දීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම නිසි පරිදි වාරික ගෙවා නොමැති, නමුත් සමස්ත වාරිකවලින් 25%කට වඩා ගෙවා ඇති දායකයන් සඳහා ශුද්ධ වාරික ගණනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත. මීට අමතරව, 2014 ජනවාරි 01 වැනිදායින් පසු වයස 60 පිරුණු ගොවීන්ගේ තාවකාලිකව අත්හිටුවා තිබූ හිඟ විශ්රාම වැටුප් ගෙවීමේ ක්රියාවලිය ද වර්තමාන රජය විසින් යළි ආරම්භ කර ඇති අතර, එම හිඟ මුදල් ගෙවීම් මහා භාණ්ඩාගාරය මගින් වෙන් කරනු ලබන ප්රතිපාදනවලට අනුකූලව සිදු කෙරෙනු ඇත.
