විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පොලිස් නිලධාරීන් 1500කගේ වැඩ තහනම්!


මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධවීමේ චෝදනා මත මේ වන විට පොලිස් නිලධාරීන් 208 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

එමෙන්ම, විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසකගේ වැඩ තහනම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

පොලිස් සේවය තුළ නුසුදුසු හා දූෂිත නිලධාරීන් සිටින බව පිළිගත් මාධ්‍ය ප්‍රකාශකවරයා, එවැනි නිලධාරීන් හඳුනාගෙන සේවයෙන් ඉවත් කිරීමටත්, ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන් පියවර ගනිමින් සිටින බව අවධාරණය කළේය.

 

Social Sharing
නවතම පුවත්