
මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුව වසර හතකට පමණ පසු පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන ජනවාරි 28 වන දා කැඳවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (02) නියෝග කළේය.
ප්‍රියන්ත ලියනගේ මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබීය.
එහිදී විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුළු පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
කෙසේ වෙතත්, මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන අය නොමැතිව නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීරණය කළේය.
මේ අතර, නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව විත්තිකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළහ.
ඒ අනුව, අදාළ නඩුවේ ඉදිරි කටයුතු සඳහා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජනවාරි 28 වන දා පැවැත්වීමට නියමිතය.
