
ඉකුත් වසර තුනක කාලය තුළ ශ්රී ලංකාවේ මනුෂ්ය ඝාතන 1,664ක් වාර්තා වී ඇති අතර, එම ඝාතනවලට ගොදුරු වූවන් අතර ළමයින් 48 දෙනකු ද සිටින බව ශ්රී ලංකා පොලිසිය සඳහන් කරයි.
පොලිස් කාර්යසාධන වාර්තාව 2025ට අනුව, 2023 වසරේදී මනුෂ්ය ඝාතන 573ක් ද, 2024 වසරේදී ඝාතන 555ක් ද, 2025 වසරේදී ඝාතන 536ක් ද වාර්තා වී තිබේ.
මෙම ඝාතනවලින් සියයට 93.5ක පමණ ප්රමාණයක් විසඳීමට පොලිසිය සමත්ව ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.
ඝාතනයට ලක්වූ සමස්ත පිරිස අතර කාන්තාවන් 317 දෙනකු ද සිටින අතර, ඉන් 2023 වසරේදී කාන්තාවන් 105 දෙනකු ද, 2024 වසරේදී 104 දෙනකු ද, 2025 වසරේදී 108 දෙනකු ද ඝාතනයට ලක්ව තිබේ.
එමෙන්ම, වසර තුනක කාලය තුළ ඝාතනයට ලක්වූ ළමයින් සංඛ්යාව 48කි. ඒ අනුව 2023 වසරේදී ළමයින් 16 දෙනකු ද, 2024 වසරේදී 20 දෙනකු ද, 2025 වසරේදී 12 දෙනකු ද ඝාතනයට ලක්ව ඇත.
මේ අතර, 2026 වර්ෂයට අදාළ පොලිස් කාර්යසාධන වාර්තාව නුදුරේදීම නිකුත් කිරීමට නියමිත බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කර තිබේ.
උපුටා ගැනීම ලංකාදීප
