ලක්ෂ 14ට ආසන්න පිරිසක් අස්වැසුමෙන් ඉවත් කරයි!

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘අස්වැසුම’ ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය යටතේ, ප්‍රතිලාභීන් 1,391,830 දෙනෙකු ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

2025 දෙසැම්බර් 15 දිනැති අංක 2497/03 දරන රජයේ ගැසට් නිවේදනයට අනුව, අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මින් ඉදිරියට මුදල් ගෙවීම් සිදුකරනු ලබන්නේ ‘අන්ත දිළිඳු’ සහ ‘දිළිඳු’ යන කාණ්ඩ දෙක සඳහා පමණක් බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ.

තොරතුරු යථාවත් කිරීමෙන් පසුව, මාසිකව රුපියල් 17,500 ක දීමනාව හිමිවන අන්ත දිළිඳු කාණ්ඩය සඳහා ප්‍රතිලාභීන් 363,142 ක් සහ මාසිකව රුපියල් 10,000 ක දීමනාව හිමිවන දිළිඳු කාණ්ඩය සඳහා ප්‍රතිලාභීන් 628,658 ක් ලෙස පළමු ලේඛනය යටතේ සමස්තයක් වශයෙන් 991,800 ක පිරිසක් සුදුසුකම් ලබා ඇති බවයි සඳහන් වන්නේ.

එසේම, එළඹෙන දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත දෙවන නාම ලේඛනය සඳහා පවුල් 740,127 ක් පමණක් තෝරා ගැනීමට නියමිත බව ද එම මණ්ඩලය සඳහන් කරනවා.

වත්මන් සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය මේ වනවිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී වසම් කාර්යාලවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කර ඇති අතර, මෙම ලේඛනය සම්බන්ධයෙන් යම් අභියාචනයක් හෝ විරෝධතාවක් පවතින්නේ නම්, අද (29) දින සිට නොවැම්බර් මස 11 වැනිදා දක්වා ඒ සඳහා ඉදිරිපත් වීමට මහජනතාවට අවස්ථාව සලසා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

එම නිවේදනය…

Social Sharing
අවකාශය නවතම