
2027 වර්ෂය සඳහා ජාතික අයවැයෙන් පළාත් සභා වෙත වෙන් කෙරෙන අරමුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් මුදල් කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව ස්ථාපිත කර ඇති පළාත් සභාවලට අවශ්‍ය සම්පත් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම මෙන්ම ජාතික අයවැයෙන් වෙන් කෙරෙන ප්‍රදානයන් එක් එක් පළාත් සභාව වෙත බෙදාහැරීමේදී අනුගමනය කළ යුතු මූලධර්ම නිර්දේශ කිරීම ද මුදල් කොමිෂන් සභාව වෙත පැවරී තිබේ.
ඒ අනුව, රට තුළ තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් 2027 වර්ෂය සඳහා පළාත් සභා වෙත වෙන් කෙරෙන අරමුදල් පළාත් අතර බෙදාහැරීමේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති පිළිබඳව කොමිෂන් සභාව විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.
එමෙන්ම පළාත් සභාවලට පැවරී ඇති විෂයයන්ට අදාළ සේවාවන් වඩාත් කාර්යක්ෂමව ජනතාව වෙත සැපයීම සඳහා රජය මැදිහත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් ද එම නිර්දේශවලට ඇතුළත් වේ.
මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවේ (7) වන අනුව්‍යවස්ථාව ප්‍රකාරව ඒවා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
