
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියක වන නවනීදම් පිල්ලේ මහත්මිය 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබූ බව වාර්තා වේ.
ලෝක සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇය ඉටු කළ විශිෂ්ට මෙහෙවර අගය කරමින් මෙම සම්මානය පිරිනැමූ බව නොබෙල් ජූරි සභාව සඳහන් කරයි.
නාවි පිල්ලේ ලෙස ද ප්‍රකට ඇය, ජාත්‍යන්තර නීතියේ විෂය පථය සහ එහි බලපෑම සැලකිය යුතු ලෙස පුළුල් කිරීමට කටයුතු කර ඇති බව නොබෙල් කමිටුව පෙන්වා දෙයි. එමෙන්ම, සුවිශේෂී ධෛර්යයකින් යුතුව පුළුල් ගෝලීය නීතිමය පද්ධතියක් ගොඩනැගීම සඳහා ඇය පෙරමුණ ගෙන කටයුතු කර ඇති බව ද එම කමිටුව වැඩිදුරටත් සඳහන් කරයි.
