
කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටුවා සිටි කෝසල සේනාධීර මහතා, වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඔහුට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇති අතර, හිඟ වැටුප් ද සහිතව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අනුයුක්ත කිරීමට තීරණය කර ඇත.
තමන්ට හිමි නිල නිවස සඳහා අනවසරයෙන් විදුලිය සහ ජලය ලබා ගත් බවට එල්ල වූ චෝදනා මත සේනාධීර මහතාගේ සේවය 2024 ජූලි 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.
අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මාස 27ක කාලයක් පුරා සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
එම විමර්ශනයේදී සාක්ෂිකරුවන් 20කට අධික පිරිසකගෙන් කරුණු විමසා ඇති අතර, විධිමත් විමර්ශනයකින් අනතුරුව සේනාධීර මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් මෙම තීරණයට එළඹ ඇත.
කෝසල සේනාධීර මහතා මේ වනවිට අධිකරණ ක්ෂේත්රයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම මහෙස්ත්‍රාත්වරයා ලෙසද කටයුතු කරයි.
