ප්‍රංශයේ පාසල් ප්‍රතිපාදන ඉල්ලා සිසුන්ගේ විරෝධතා උත්සන්න වෙයි!

උසස් පාසල් සඳහා ප්‍රමා­ණ­වත් ප්‍රති­පා­දන නොලැ­බී­මට එරෙ­හිව පැරිස් අග­නු­වර ඇතුළු ප්‍රංශය පුරා පැතිරී ගිය ශිෂ්‍ය විරෝ­ධතා ප්‍රච­ණ්ඩ­කාරි මුහු­ණු­ව­රක් ගෙන ඇති අතර, එම විරෝ­ධ­තා­වට මාපි­යන්, විප­ක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යන් හා වෘත්තීය සමිති නියෝ­ජි­ත­යන් ද එක්වී­මත් සමඟ තව­දු­ර­ටත් උත්සන්න වෙමින් පව­තින බව වාර්තා වේ.

නගර රැස­කට ව්‍යාප්ත වී ඇති විරෝ­ධතා අත­ර­තුර ප්‍රච­ණ්ඩ­කාරී ලෙස හැසි­රුණු සිසුන් පාල­නය කිරී­මට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරී­මත් සමඟ පොලී­සිය සහ විරෝ­ධ­තා­ක­රු­වන් අතර ගැටුම් සිදුවී තිබේ. එහිදී පොලිස් නිල­ධා­රීන් 715ක් සහ සිසුන් 215ක් ඇතු­ළුව දහ­ස­කට වැඩි පිරි­සක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ස්වදේශ කට­යුතු අමා­ත්‍යාංශ වාර්තා­ව­ලට අනුව විරෝ­ධතා ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා සිසුන් ඇතු­ළුව පුද්ග­ල­යන් 6,547 දෙනකු අත්අ­ඩං­ගු­වට පත්වී ඇතැයි ද වාර්තා වේ.

විරෝ­ධතා හේතු­වෙන් රට පුරා පාසල් 891ක පමණ අධ්‍යා­පන කට­යු­තු­ව­ලට බාධා එල්ල වී ඇති බව ප්‍රංශ රජය නිවේ­ද­නය කර තිබේ. විරෝ­ධ­තා­ව­ලට සම්බ­න්ධ­වූ­වන්ගේ සංඛ්‍යාව 2,50,000ක් බව රජය ප්‍රකාශ කර ඇති අතර, ශිෂ්‍ය සංගම් සඳ­හන් කර ඇත්තේ එම සංඛ්‍යාව 4,50,000ක් වන බවය.

Social Sharing
පුවත් විදෙස්