
උසස් පාසල් සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබීමට එරෙහිව පැරිස් අගනුවර ඇතුළු ප්‍රංශය පුරා පැතිරී ගිය ශිෂ්‍ය විරෝධතා ප්‍රචණ්ඩකාරි මුහුණුවරක් ගෙන ඇති අතර, එම විරෝධතාවට මාපියන්, විපක්ෂයේ දේශපාලනඥයන් හා වෘත්තීය සමිති නියෝජිතයන් ද එක්වීමත් සමඟ තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව වාර්තා වේ.
නගර රැසකට ව්‍යාප්ත වී ඇති විරෝධතා අතරතුර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු සිසුන් පාලනය කිරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් සිදුවී තිබේ. එහිදී පොලිස් නිලධාරීන් 715ක් සහ සිසුන් 215ක් ඇතුළුව දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තාවලට අනුව විරෝධතා ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා සිසුන් ඇතුළුව පුද්ගලයන් 6,547 දෙනකු අත්අඩංගුවට පත්වී ඇතැයි ද වාර්තා වේ.
විරෝධතා හේතුවෙන් රට පුරා පාසල් 891ක පමණ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ප්‍රංශ රජය නිවේදනය කර තිබේ. විරෝධතාවලට සම්බන්ධවූවන්ගේ සංඛ්‍යාව 2,50,000ක් බව රජය ප්‍රකාශ කර ඇති අතර, ශිෂ්‍ය සංගම් සඳහන් කර ඇත්තේ එම සංඛ්‍යාව 4,50,000ක් වන බවය.
