
ශ්රී ලංකාව සහ තුර්කිය අතර ද්විපාර්ශ්වික සබඳතාවල නව පියවරක් තබමින්, දෙරට අතර ගුවන් ප්රවාහන ගිවිසුම සංශෝධනය කිරීමේ ලේඛනයට ඊයේ (27) අන්කාරා නුවරදී අත්සන් තබන ලදී. ශ්රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුණ හේමචන්ද්ර මහතා සහ තුර්කියේ ප්රවාහන හා යටිතල පහසුකම් නියෝජ්ය අමාත්ය එන්වර් ඉස්කර්ට් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු මෙම අත්සන් තැබීම මගින් දෙරටේ සිවිල් ගුවන් සේවා සහයෝගීතාව වඩාත් ශක්තිමත් කිරීමට මග පෑදේ.
මෙම නව ගිවිසුම් සංශෝධනය ඔස්සේ දෙරට අතර ගුවන් සබඳතා තවදුරටත් පුළුල් වන අතර, එමගින් සංචාරක, වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්රයන්හි මෙන්ම ජනතාව අතර පවතින සබඳතා වර්ධනය කරගැනීමට ද නව අවස්ථා උදාවනු ඇත. සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ ප්රගතිය උදෙසා දෙරටම දක්වන කැපවීම මෙමගින් තහවුරු වන බව පෙන්වා දෙන ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යාංශය, මෙම ක්රියාවලිය සාර්ථක කරගැනීමට තුර්කි රජය දැක්වූ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව ද පළ කර තිබේ.
