
අල්ලස් කොමිසම 2024 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා අත්අඩංගුවට ගෙනත් ඇති 226 දෙනාගෙන් 55 දෙනෙකුම දේශපාලඥයන් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය
අපි අත්අඩංගුවට ගත්තේ හාල්මැස්සො නොවෙයි. තෝරු මෝරු 2024 ඔක්තෝබර් සිට 2026 ඔක්තෝබර් දක්වා අල්ලස් කොමිසමේ නඩු වලින් හිටපු කැබිනට් අමාත්‍යවරුන් 16ක් වරදකරුවන් වෙලා තියෙනවා. මේ පිරිසේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් තුන්දෙනෙක් ඉන්නවා. හිටපු මහ ඇමැති කෙනෙක් ඉන්නවා. හිටපු අමාත්‍ය බිරින්දැවරුන් හතර දෙනෙක් ඉන්නවා. හිටපු අමාත්‍ය දරුවෝ හත් දෙනෙක් ඉන්නවා. ප්‍රාදේශීය සභා සභාපතිවරුන් නගරාධිපතිවරුන් හය දෙනෙක් ඉන්නවා ” යැයිද ඔහු ප්‍රකාශ කළේය.
ලංකාවේ අපරාධ නීතියට හයියක් ලැබී ඇත්තේ දැන් බවද ඔහු ප්‍රකාශ කළේය.
එදා අපරාධය සංස්ථාපනය වී තිබුණත් විමර්ශන අංශ වලින් එය යට ගසා තිබූ බවත් දෙපාර්තමේන්තුව කෙලින් වී ඇත්තේ දැන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. අධිකරණය නීතිපති
ඔහු මෙසේ පැවසුවේ දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
සුනිල් වටගල මහතා මෙසේද පැවසූවේය.
ජනමතයට අනුව අපි කටයුතු කරගෙන යනවා. දැන් අපි රක්ෂා දෙන්නේ නැහැ කියනවා. උස නම් සිකුරිටි මිටිනම් කම්කරු විදිහට අපි රක්ෂා දෙන්නේ නැහැ. මේ පනත ආරම්භ වුණේ 2004 ඉඳලා. දැන් අයිතිකාරයෝ ගොඩයි. එදා සමහරැන් අල්ලස් ගත්තේ රියදුරන් මාර්ගයෙන්. ඒ අයත් ඇල්ලුවා. විජේදාස රාජපක්ෂත් මේ පනත සංශෝධනය කළා. ඒ තමන්ට ඕන විදියට කොමිසමක් දාගන්න.
