
අස්වැසුම ප්රතිලාභ සදහා අයදුම්කර එය නොලද සහ අස්වැසුම ගිණුමට මුදල් බැර නොවූ වතුකරයේ විශාල පිරිසක් අද (24) දින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටියහ.
නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් ඔවුන්ගේ ගිණුම් වලට බැර නොකර නිලධාරින් පිරිසක් සිදුකළ මුදල් වංචාවක් හේතුවෙන් අස්වැසුම අයදුම්කරුවන් සහ ප්‍රතිලාභීන් තම ගිණුම් පරික්ෂා කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.
අදාළ මූල්‍ය අක්රමිකතාව හේතුවෙන් තම ගිණුම් පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය බව අස්වැසුම ප්‍රතිලාභීන් ඉල්ලීම් කර තිබිණි.
සඳුදා දින පමණක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම ගිණුම් වලට මුදල් නොලද අයට එම ගිණුම පරික්ෂා කර ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේය.
අස්වැසම ප්‍රතිලාභීන්ගේ නාම ලේඛණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවා කොට්ඨාශවල සහ තම කාර්යාලයේ 2026 සැප්තැම්බර් මස මුල් සතියේ සිට ප්‍රදර්ශනය කිරිමට මේ වන විට පියවර ගනිමින් සිටින බවද ඔහු කීවේය.
උපුටා ගැනීම What News
