නකල්ස් සිද්ධියට අදාළ දැරියට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් කිරීමට රජයේ සහය!

නකල්ස් සිද්ධියට අදාළ දැරියට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීම සඳහා අවශ්‍ය මනෝ සමාජීය උපදේශන සහාය ලබාදීමට පියවර ගෙන තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ උපදෙස් පරිදි ජාතික ළමාරක්ෂක අධිකාරිය හරහා මෙම සහාය ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඒ අනුව, දැරියගේ අනිවාර්ය අධ්‍යාපන වයස අවසන් වන තෙක් හෝ ඇයගේ කැමැත්ත හා රුචිකත්වය අනුව උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමුවන තෙක් අවශ්‍ය දීමනාව ලබාදීමට නියමිතය.

මීට අමතරව, එම සිද්ධියට අදාළ බිලිඳියගේ පෝෂණ හා අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ද ඇය සඳහා ‘අර්ථ’ දීමනාව ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Social Sharing
නවතම පුවත්