
බස් රථයක ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් නීත්‍යනුකූල ක්‍රියාමාර්ග නොගැනීම සඳහා රුපියල් 20,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු ජංගම පරීක්ෂක නිලධාරියෙකුට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 40,000ක දඩයක් නියම කර තිබේ.
කොටුපිටිය ආරච්චිලාගේ රංජිත් කොටුපිටිය නමැති විත්තිකරුට එරෙහිව අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් අධිචෝදනා හතරක් යටතේ කොළඹ අංක 06 මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා හතරම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව තීරණය කළ කොළඹ අංක 06 මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඔහු එම චෝදනාවලට වරදකරු කරමින් මෙම දඬුවම නියම කළේය.
ඒ අනුව, විත්තිකරුට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සමඟ රුපියල් 40,000ක දඩ මුදලක් ගෙවීමට ද අධිකරණය නියෝග කර තිබේ.
