
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස විශ්රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ තිබේ.
නව සභාපතිවරයාට අමතරව කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස එස්.වයි.එම්. ගෝමස්, ඒ.එල්.ඒ. අසීස්, වෛද්ය එස්.එස්.එස්.බී.ඩී.එච්. ජයවර්ධන සහ මහාචාර්ය ටී. ජයසිංගම් යන මහත්ම මහත්මීහු ද පත් කරනු ලැබ සිටිති.
මෙම පත්වීම්වලට අදාළ ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ පත්වීම්ලාභීන් වෙත භාර දෙනු ලැබීය.
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා මෙම නව පත්වීම් සිදුකර තිබේ.
