සෞදි අරාබිය විසින් ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා ආනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහාම අවලංගු කර ඔහු කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ ආනෝජන්ට එරෙහි චෝදනා ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සම්බන්ධ බැවින්, එවැනි ක්‍රියාවක් හේතුවෙන් කිසිවෙකු සිරගත කිරීම හෝ මරණ දඬුවමට ලක් කිරීම නොකළ යුතු බවයි.
මොහොමඩ් නබිතුමාට අපහාසයක් ලෙස සැලකෙන අදහසක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ බවට චෝදනා කරමින් ආනෝජන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව සෞදි අරාබියානු අභියාචනාධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කර තිබේ.
මේ අතර, මරණ දඬුවමට නියම වී සිටින ආනෝජන්ගේ තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා අද (08) දමාම් බන්ධනාගාරය වෙත යාමට නියමිතව ඇත.
බන්ධනාගාරයේ රඳවා සිටියදී තවත් රැඳවියෙකු විසින් ආනෝජන්ට පහරදීමක් සිදුකර තුවාල සිදුකළ බවට වාර්තා වන අතර, ඒ සම්බන්ධයෙන් ද තානාපතිවරයා විසින් සොයා බැලීමට නියමිතය.
එමෙන්ම ආනෝජන්ට එරෙහිව පනවා ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා සෞදි අරාබියට ගොස් සිටින ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායම අද දිනයේදීත් නීතිමය කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කර ඇත්තේ ඊයේ (07) දිනයේදීත් එරට නීතිඥවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගත් බවයි.
ආනෝජන්ගේ අභියාචනය ඔක්තෝබර් 17 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කර තිබේ.