
අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් 5,530 දෙනෙකු සඳහා මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව, විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා එක් සිසුවෙකුට මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට යෝජනා කර තිබිණි.
ඒ අනුව, අදාළ දීමනාව ලබාදීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ අරමුණින් දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ.
එම අයදුම්පත් සලකා බැලීමෙන් අනතුරුව සිසුන් 5,530 දෙනෙකු අදාළ දීමනාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බව සඳහන් වේ.
ඒ අනුව, සුදුසුකම් ලැබූ සියලුම සිසුන් වෙත මාසික දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමිව තිබේ.
මෙම දීමනාව මඟින් අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අමතර සහායක් ලබාදීමට හැකි වනු ඇත.
