
මහාධිකරණවල විභාග වෙමින් පවතින නඩු පිළිබඳ තොරතුරු මහජනතාවට පහසුවෙන් ලබාගත හැකි වන පරිදි වෙබ් අඩවියකට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඒ අනුව, මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට මහාධිකරණවල විභාග වෙමින් පවතින සියලු නඩුවල තොරතුරු අදාළ වෙබ් අඩවියට ඇතුළත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
අද (26) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
දැනටමත්https://highcourt.lk/ වෙබ් අඩවිය තුළ මහාධිකරණ කිහිපයකට අදාළ නඩු තොරතුරු ඇතුළත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තුළින් මහාධිකරණවල විභාග වන නඩු පිළිබඳ තොරතුරු ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ ලබාගැනීමට මහජනතාවට අවස්ථාව සැලසීමට නියමිතය.
