
මාතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් පාලනය වන සීමාසහිත ජනතා ඉසුරු සමාගම විසින් මූල්‍ය අක්‍රමිකතා සිදු කරමින් පවතින බව නායිම්බල 1 සමිතියේ සාමාජිකයෝ චෝදනා කරති.
2005 වසරේදී ජනතා ඉසුරු සමාගම මගින් නායිම්බල 1 සමිතිය පිහිටුවන ලද අතර, සාමාජිකයින් 16 දෙනෙකුගෙන් එය ආරම්භ කර ඇත. 2025 වසරේ මුල් කාලය දක්වා සමිතිය ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන ආ බව සමිතියේ මුල් නිලධාරීහු පවසති.
මෙම සමිතියේ කොටස් මුදල්, අනිවාර්ය තැන්පතු, විශේෂ තැන්පතු මෙන්ම ඉතුරුම් තැන්පතු වශයෙන් මුදල් අයකර ගනිමින් සමිතිය පවත්වාගෙන ගොස් ඇත. සෑම වසරකම සංවත්සර උත්සව හා අවුරුදු උත්සව පවත්වමින්, දානමය පිංකම් ද සිදු කරමින් ඉතා සාර්ථකව සමිතිය පවත්වාගෙන ආ බව ඔවුහු පවසති.
2025 ජුනි මාසයේ සිට ජනතා ඉසුරු සමාගමේ නිලධාරීන්, සමිතියේ සාමාජිකයන්ගේ කැමැත්ත විමසීමකින් තොරව, නිලධාරීන්ගේ තනි කැමැත්ත හා තීරණ මත සමිතියේ නිලධාරීන් පත් කරමින් අත්තනෝමතිකව ක්‍රියා කරන බව පැරණි සාමාජිකයෝ පවසති. එසේම, කිසිදු ක්‍රමවේදයකින් තොරව හිඟ ණය වාරික ඇති පුද්ගලයන්ට සහ නව සාමාජිකයන්ට ණය ලබා දෙන බවට ද ඔවුහු චෝදනා කරති.
ඒ වගේම, හදිසි අවශ්‍යතාවකදී තැන්පතු මුදල් ඉල්ලා සිටින විට ඒවා ද ලබා නොදෙන බවත්, මෙතෙක් කල් නොතිබූ ව්‍යවස්ථාවක් සමිතියට ඇති බව පවසන නමුත් එහි සඳහන් කරුණු පිළිබඳව සාමාජිකයන්ට දැනුම් නොදෙන බවත් ඔවුහු පවසති. මෙම සමිතියේ සාමාජිකයන්ගේ ඉතුරුම් මුදල් ජනතා ඉසුරු සමාගමේ නිලධාරීන්ගේ කැමැත්ත මත පදනම්ව අයථා ලෙස පරිහරණය කිරීමෙන් සාමාජිකයන්ට විශාල අසාධාරණයක් සිදු වන බවට සමිති සාමාජිකයෝ චෝදනා කරති.
මෙම සමාගම දකුණු පළාත් සභා කාර්යාලය, මාතර යන ලිපිනයේ පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යටතේ පාලනය වන බවත්, එම බැංකුවේ කළමනාකාරීත්වයට සහ ජනතා ඉසුරු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාට මේ පිළිබඳව පැමිණිලි කර ඇති බවත් සමිති සාමාජිකයෝ පවසති. එහෙත්, සාමාජිකයන්ට සිදු වන මෙම අසාධාරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විසඳුමක් හෝ සාධාරණයක් ඉටු වී නොමැති බවට ඔවුහු චෝදනා කරති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
මාතර අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0767170837
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100
