මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුවී තිබේ.
අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර පෙරේදා (14) පස්වරුවේ අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමු විය.
එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය මෙහිදී අගමැතිනිය වෙත සිය සුබ පැතුම් පිරිනැමුවාය.
ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, ප්‍රජා ආරක්ෂාව, සමාජ ආරක්ෂණය, අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සඳහා සහය වීම සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.
මෙම අවස්ථාවට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ UNDP නේවාසික නියෝජිත අසුසා කුබෝටා, UNDP ඩිජිටල් සහ නවෝත්පාදන කණ්ඩායම් නායක ෆාදිල් බාකීර්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
නුවන් කොඩිකාර
දිනමින් පුවත්පතින් උපුටා ගැණිනි