මානසික වධහිංසාව සහ නීතියේ ආධිපත්‍යය: කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය අපට කියන්නේ කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් මෑතකදී අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය, මෙරට අපරාධ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ බරපතල සංවාදයක් මතු කර තිබේ. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය විමර්ශන නිලධාරීන් විසින් තමාට මානසිකව වධහිංසා…


























