තමන්ගේම බාලවයස්කාර දියණිය අපයෝජනය කළ පොලිස් නිලධාරි පියා මොනරාගලදී අත්අඩංගුවට!

දඹගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු සිය බාලවයස්කාර දියණිය අපයෝජනය කළ බවට වන චෝදනාවක් මත මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තා වන අන්දමට මෙම සිදුවීම අනාවරණය වී ඇත්තේ, 11 වන ශ්රේණියේ ඉගෙනුම ලබන අදාළ දැරිය රෝගාතුර වී සිරිගල ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය. එහිදී ප්රතිකාර ලැබූ දැරිය, තමන් මුහුණ දුන් තත්ත්වය සම්බන්ධයෙන් ප්රතිකාර කළ වෛද්යවරයාට කරුණු හෙළි කර ඇත.
සිද්ධියේ බරපතළකම සැලකිල්ලට ගත් වෛද්යවරයා විසින් මේ සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය දැනුවත් කිරීමට වහාම පියවර ගෙන තිබේ. ඒ අනුව ක්රියාත්මක වූ මොනරාගල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකාර පියාව අත්අඩංගුවට ගනු ලැබ ඇත.
නීතිය ක්රියාත්මක කරන ආයතනයක නිලධාරියෙකු සම්බන්ධයෙන් මෙවැනි බරපතළ චෝදනාවක් එල්ල වීම පිළිබඳව සමාජයේ දැඩි අවධානයක් යොමු වී ඇති අතර, සැකකරුට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීමට මොනරාගල පොලිසිය කටයුතු කරමින් සිටියි.
Social Sharing
නවතම පුවත්