කොළඹ වරාය සමූහ මිනීවලේ කැණීම් යළි අරඹයි.!

2024 අගෝස්තු 13 වන දින ඉගුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා ඉදිවන අධිවේගී මාර්ගයේ කැණීම් කටයුතු සිදු කරමින් සිටියදී එම ස්ථානයේ තිබී මිනිස් අස්ථි කොටස් ප්‍රමාණයක් අහඹුලෙස හමු විය. ඒ අනුව කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත එම ස්ථානයේ කැණීම් කටයුතු 2024 සැප්.5 වන දින ආරම්භ විය.

සතියක පමණ කාලයක් සිදු කළ කැනීම් තුළින් එම ස්ථානයෙන් මිනිස් අස්ථි පද්ධති 4ක් සොයාගත් බව වාර්තා විය. ඉන් පසුව එහි පළමු අදියරේ කැණීම් කටයුතු 2024 සැප්තැම්බර් 14 දින සිට අත්හිටුවා තිබුනි. නැවත එහි දෙවැනි අධියරේ කටයුතු 2025 ජනවාරි 27 වන දින ආරම්භ වුවත්, ඊට පසු දින එම කටයුතු නතර කිරීමට සිදු වූයේ ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර නොතිබීම හේතුවෙනි. දෙවන අධියරේ කැනීම් කටයුතු අවසන් වන විට එම ස්ථානයේ තිබී මිනිස් අස්ති පද්ධති 8ක් සොයාගත් බව මාධ්‍ය වාර්තා කර තිබුනි.

කෙසේ හෝ මේ වන විට එහි තෙවැනි අධියරේ කැණීම් කටයුතු ආරම්භ කර තිබේ. ඒ සදහා දැනට ලැබී ඇති ප්‍රථිපාදන අනුව දින 20ක් තුළ අදාල කැණීම් කටයුතු සිදුකර අවසන් කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව මෙම කැණීම් කටයුතු භාරව සිටින වොහාරික පුරාවිද්‍ය මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්