අගෝස්තු මාසයේ දී මෙරට උද්ධමනය 8.1% දක්වා ඉහළට!

2026 අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය 8.1% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව විසින් අද නිකුත් කරන ලද නවතම ජාතික පාරිභෝගික මිල දර්ශක වාර්තාවට අනුව, 2026 ජූලි මාසයේදී 7.2%ක් ලෙස වාර්තා වූ උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 8.1% දක්වා ඉහළ ගොස් තිබේ.

උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර මිල ගණන්වල සිදුවූ වැඩිවීමද බලපා ඇති අතර, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ පැවති 4.9% සිට අගෝස්තු මාසයේදී 6.6% දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනයද සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ජූලි මාසයේ 9.2%ක් ලෙස පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී 9.3%ක් දක්වා වැඩි වී ඇත.

ඒ අනුව, 2026 අගෝස්තු මාසයේදී සමස්ත උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල වෙනස්වීම් බලපා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත පෙන්වා දෙයි.

Social Sharing
ආර්ථික නවතම පුවත්