
2026 අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය 8.1% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව විසින් අද නිකුත් කරන ලද නවතම ජාතික පාරිභෝගික මිල දර්ශක වාර්තාවට අනුව, 2026 ජූලි මාසයේදී 7.2%ක් ලෙස වාර්තා වූ උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 8.1% දක්වා ඉහළ ගොස් තිබේ.
උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර මිල ගණන්වල සිදුවූ වැඩිවීමද බලපා ඇති අතර, ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය ජූලි මාසයේ පැවති 4.9% සිට අගෝස්තු මාසයේදී 6.6% දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනයද සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ජූලි මාසයේ 9.2%ක් ලෙස පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී 9.3%ක් දක්වා වැඩි වී ඇත.
ඒ අනුව, 2026 අගෝස්තු මාසයේදී සමස්ත උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල වෙනස්වීම් බලපා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත පෙන්වා දෙයි.
