ළමා නිවාසයක 16 හැවිරිදි දරුවෙකුට වධහිංසා කළ පාලිකාවක් සහ සැමියා අත්අඩංගුවට!

මහනුවර, මයිලපිටිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක නේවාසිකව සිටින 16 හැවිරිදි පිරිමි දරුවෙකුට වධහිංසා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ පාලිකාව සහ ඇයගේ සැමියා තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් විසින් දරුවාගේ රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා වධහිංසා කර ඇති බවට අනාවරණය වී ඇති බවයි.

වින්දිත දරුවා මාරස්සන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

Social Sharing
නවතම පුවත්