මාධ්‍යවේදී නිවාස ව්‍යාපෘතියට අයදුම්පත් කැඳවයි!

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන “මාධ්‍යවේදී නිවාස ව්‍යාපෘතිය” යටතේ නිවාස ලබාදීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

චීන ආධාර යටතේ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙම නිවාස ව්‍යාපෘතිය මඟින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ඉහළ දායකත්වයක් ලබාදී ඇති, රජයේ මැදිහත්වීමෙන් නිවසක් ලබාගැනීමේ දැඩි අවශ්‍යතාවක් සහිත විද්‍යුත්, මුද්‍රිත සහ වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත ජනමාධ්‍යවේදීන්ට සහනදායී මිලකට නිවසක් ලබාගැනීමේ අවස්ථාව හිමි වේ.

මෙහිදී ප්‍රතිලාභීන් සඳහා නිවාස 27ක් වෙන් කර තිබේ.

අයදුම්කරුවන් සඳහා මූලික සුදුසුකම් ලෙස ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩ සේවා කාලය වසර 10ක් සම්පූර්ණ කර තිබීම, වයස අවුරුදු 30ත් 60ත් අතර වීම සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් 2025 හෝ 2026 වසර සඳහා නිකුත් කරන ලද වලංගු මාධ්‍ය හැඳුනුම්පතක් හිමිවීම සැලකේ.

අයදුම්පත් 2026 සැප්තැම්බර් 18 වැනිදාට පෙර යොමු කළ යුතු අතර, අයදුම්පත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙතින් බාගත කරගත හැකිය.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑල මඟින්,

අධ්‍යක්ෂ (මාධ්‍ය),
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,
අංක 163, ඇසිදිසි මැදුර,
කිරුළපන මාවත,
පොල්හේන්ගොඩ,
කොළඹ 05.

යන ලිපිනයට යොමු කළ යුතු බව අමාත්‍යාංශය සඳහන් කරයි.

Social Sharing
නවතම පුවත්