
ඉරාන යුද්ධය හැසිරවීම ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පිට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ලබන සතියේදී සෙනෙට් සභාවේ සැසිවාරය සඳහා මන්ත්‍රීවරුන් වොෂින්ටන් නුවරට පැමිණීමෙන් අනතුරුව අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමටත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීමක් පැවැත්වීමටත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරයකු වන තෝමස් මැසී බලාපොරොත්තු වන බව සඳහන් වේ.
ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි විවේචකයකු වන තෝමස් මැසී මීට පෙර සැප්තැම්බර් මාසයේදී ද ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනා අටක් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, මධ්‍යවාර මැතිවරණයට පෙර සභා වාරය කල් තැබීමට රිපබ්ලිකන් පක්ෂයේ කථානායක මයික් ජොන්සන් ගත් තීරණය හේතුවෙන් එම යෝජනා සභාවට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි නොවූ බව වාර්තා වේ.
ඉරාන යුද්ධය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයාට සහාය දැක්වීම සහ පැහැදිලි ප්‍රතිඵලයක් අත්කර නොගත් යුද්ධයක් සඳහා අමෙරිකානු හමුදා යෙදවීම අඛණ්ඩව සාධාරණීකරණය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාට රිපබ්ලිකන් පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විවේචන එල්ල වී ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
