
එන්සල්වත්ත සෙල්වකන්ද වතු කොටසේ පදිංචිව සිටින එම වතු කොටසේම සේවයේ නිරත කම්කරුවෙකු වන මුනියන්ඩි මහේෂ්වරන් මහතා පවසන්නේ මෙම වසරේ ආරම්භයේ සිට එම වතු කොටසට අදාළ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් කම්කරුවන් විශාල පිරිසක් ගැටලු රැසකට මුහුණ දී සිටින බවයි.
ඔහු පවසන්නේ වතු ප්‍රදේශය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් එම ප්‍රදේශය කැලෑවීමකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් තේ දලු නෙළීමේ කටයුතු ද නිසි පරිදි සිදු කිරීමට නොහැකි වී ඇති බවයි.
එමෙන්ම, කැලෑවී ඇති වතු ප්‍රදේශය තුළදී වන සතුන්ගෙන් මෙන්ම සර්පයන්ගෙන්ද කම්කරුවන්ට අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බව මහේෂ්වරන් මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය වතු අධිකාරීවරයා, ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කළද, මේ වන විටත් ඒ සඳහා නිසි විසඳුමක් ලබා දී නොමැති බවද ඔහු පවසයි.
වතු නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් තම රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳවද අවදානමක් මතුව ඇති බව මහේෂ්වරන් මහතා පෙන්වා දෙයි. එම තත්ත්වය හේතුවෙන් වත්තේ රැකියාව සිදු කිරීමට නොහැකි වුවහොත් වෙනත් රැකියා සොයා යාමට සිදුවනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
දෙනියාය අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0777883730
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100
