
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත’ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි තවදුරටත් සංශෝධනය විය යුතු බවයි. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය ඔවුන්ගේ පැසසුමට ලක්ව තිබේ. මීට පෙර පැවැති පනත හරහා සුළුතර ප්‍රජාවන්, මාධ්‍යවේදීන්, සිවිල් සමාජ නියෝජිතයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් නොයෙකුත් හිංසනයන්ට සහ මර්දනයන්ට ලක්වූ බව ද එම විශේෂඥයෝ මතයයි.
යෝජිත නව පනත් කෙටුම්පතෙහි යම් සුබවාදී තත්ත්වයන් දක්නට ලැබුණද, එහි අඩංගු තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය අප්‍රසාදය පළ කර ඇත. විශේෂයෙන්ම පුද්ගලයින් රඳවා තබා ගැනීමේ නියෝග වහාම ස්වාධීන අධිකරණ අධීක්ෂණයකට යටත් කළ යුතු අතර, ඒ පිළිබඳ අභියාචනා විභාග කරන සමාලෝචන කමිටුව නාමිකව නොව සැබවින්ම ස්වාධීන ආයතනයක් විය යුතු බව ඔවුන් අවධාරණය කරයි. එමෙන්ම, ත්‍රස්තවාදය යන්න අර්ථ නිරූපණය කිරීමේදී දේපළවලට හානි කිරීම ඇතුලත් නොවන ලෙස යෝජිත ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන මෙන් එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිති.
