සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ සංශෝධන ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්!

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබෙන සුරාබදු පනතට අදාළ සියලු වැරදි ඉවත් කිරීමට යෝජනා කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

එසේම, බුද්ධිමය දේපළ වැරදි යටතේ සඳහන් කර තිබූ ප්‍රකාශන හිමිකම් (Copyright) සම්බන්ධ වැරදි ද අදාළ පනත් කෙටුම්පතෙන් ඉවත් කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඊට අමතරව, අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් රඳවා තබා ගැනීම සහ රැඳවුම් නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදු කළ යුතු සංශෝධන පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බව ද සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

Social Sharing
නවතම පුවත්