
පොලිස් කාර්ය සාධන 2025 වාර්තාවට අනුව 2023 වර්ෂයේ දී කාන්තාවන්ට එරෙහි බල අපරාධ 759 ක්, 2024 වර්ෂයේ දී 733ක් සහ 2025 වර්ෂයේ දී 717ක් වාර්තා වී ඇත. ඒ අනුව කාන්තාවන් ඝාතනය කිරීම් 105 ක් 2023 වර්ෂයේදී ද 104ක් 2024 වර්ෂයේ දීද 108ක් 2025 වර්ෂයේදී ද වශයෙන් ඝාතන 317 ක් වාර්තා වී ඇත.
එමෙන්ම කාන්තාවන්ට සිය පණ හානිකර ගැනීමට අනුබලදීමේ සිදුවීම් 2ක් 2024 වර්ෂයේ දී වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.
එසේම කාන්තාවන් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිදුවීම් 2023 වර්ෂයේ දී 16ක්, 2024 වර්ෂයේ දී 13ක් සහ 2025 වර්ෂයේ දී 14 ක් වාර්තා වී ඇත.
මේ අතර ස්ත්‍රී දූෂණ 2023 වර්ෂයේ දී 226 ක්, 2024 වර්ෂයේ දී 220ක්, 2025 වර්ෂයේ දී 227 ක් වාර්තාවී ඇත. මේ අතර කාන්තාවන්ට එරෙහි ව්‍යභිචාර සිදුවීම් 2023 වර්ෂයේ දී 3ක්, 2024 වර්ෂයේ දී 5ක් සහ 2025 වර්ෂයේ දී 2ක් වාර්තා වී ඇත.
කාන්තාවන්ට බරපතළ ලෙස තුවාල සිදු කිරීමේ සිදුවීම් 2023 වර්ෂයේ දී 221ක්, 2024 වර්ෂයේ දී 205ක්, 2025 වර්ෂයේ දී 207 ක් වාර්තා වී ඇති බව පොලිස් කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙයි.
එමෙන්ම කාන්තාවන්ට පිහි ආදියෙන් තුවාල කිරීමේ සිදුවීම් 2023 වර්ෂයේ දී 96ක්, 2024 වර්ෂයේ දී 87 ක්, 2025 වර්ෂයේ දී 67 ක් ද
කාන්තාවන්ට එරෙහිව සිදු කරන ලද අස්වාභාවික වැරැදි 2024 වර්ෂයේ දී 3ක්, 2025 වර්ෂයේ දී 4ක් වාර්තා වී ඇත.
බරපතළ ලිංගික අපයෝජන ක්‍රියාකාරකම් 2023 වර්ෂයේ දී 37 ක්, 2024 වර්ෂයේ දී 38 ක්, 2025 වර්ෂයේ දී 35 ක් වාර්තාවී ඇතැයි ඉහත කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙයි.
එසේම කාන්තා අපහරණ සිදුවීම් 2023 වර්ෂයේ දී 2ක්, 2024 වර්ෂයේදී 1ක්, 2025 වර්ෂයේදී 3ක් වශයෙන් වාර්තා වී ඇත.
මීට අමතරව කාන්තාවන් පැහැරගෙන යාමේ සිදුවීම් 2023 වර්ෂයේ දී 44ක්, 2024 වර්ෂයේදී 46ක්, 2025 වර්ෂයේ දී 36 ක් වාර්තා වී ඇති බවත්, කාමුක සංසර්ගයට ස්ත්‍රීන් සැපයීමේ සිදුවීම් 2025 වර්ෂයේ 4 ක් වාර්තා වී ඇති බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි.
කාන්තාවන් වෙළෙඳාම් කිරීමේ සිදුවීම් 2023 වර්ෂයේ දී 7ක්, 2024 වර්ෂයේ දී 4 ක් 2025 වර්ෂයේ 3ක්, කාන්තාවන්ට එරෙහිව සිදු වූ වෙනත් බල අපරාධ 2023 වර්ෂයේ දී 2ක්, 2024 වර්ෂයේ දී 5ක්, 2025 වර්ෂයේදී 7ක් ද පසුගිය වසර තුනේ දී වාර්තා වී ඇත.
කෙසේ නමුත් මෙලෙස වාර්තා වූ කාන්තාවන්ට එරෙහි බල අපරාධ අතරින් 2023 වර්ෂයේ දී 754 ක්, 2024 වර්ෂයේ දී 724 ක් සහ 2025 වර්ෂයේ 701 (පිළිවෙළින් සියයට 99, සියයට 99, සියයට 98 ක ප්‍රතිශතයකින්) වශයෙන් 2,179 ක් විසඳීමට ශ්‍රී ලංකා පොලීසිය සමත් වී ඇති බව ද මෙම කාර්ය සාධන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
(ලංකාදීප)
