
‘රටම එකට’ ජාතික මෙහෙයුම ඇරඹූ ඉකුත් වසරේ ඔක්තෝබර් 30 වැනිදා සිට ඊයේ (25) දක්වා ගෙවුණු වසරකට ආසන්න කාලය තුළ ආරක්ෂක අංශ රටපුරා කළ වැටලීම්වලින් මත්ද්රව්ය ටොන් 22කට අධික ප්රමාණයක් සමඟ සැකකරුවන් ලක්ෂ 3කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට ඉතිහාසයේ මෙතෙක් වසරක පමණ කාලයක් තුළ අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මත්ද්රව්ය ප්රමාණය වන්නේ මෙයයි. මත්ද්රව්ය සම්බන්ධයෙන් මෙතරම් සැකකරුවන් පිරිසක්ද මෙරට ඉතිහාසයේ වෙනත් කිසිදු කාලයකදී අත්අඩංගුවට ගෙන නැති බවද පොලිස් වාර්තා පෙන්වා දෙයි.
මෙම කාලය තුළ හෙරොයින් කිලෝ 3,000කට ආසන්න ප්රමාණයක්ද, අයිස් මත්ද්රව්ය කිලෝ 3,500කට අධික ප්රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව කොකේන් කිලෝග්රෑම් 300කට ආසන්න ප්රමාණයක්ද, කුෂ් කිලෝ 2,000කට ආසන්න ප්රමාණයක්ද, හෂීෂ් කිලෝ 400කට අධික ප්රමාණයක්ද, මාවා කිලෝ 600කට ආසන්න ප්රමාණයක්ද, මදන මෝදක කිලෝ 1,200කට අධික ප්රමාණයක්ද අත්අඩංගුවට ගත් මත්ද්රව්ය අතර ඇතැයි පොලිස් සංඛ්යා දත්ත අනාවරණය කරයි. මත් කරල් ලක්ෂ 45කට අධික ප්රමාණයක් සමඟ ගංජා කිලෝ 11,000කට අධික ප්රමාණයක්ද ගංජා පැළ කෝටි 2කට ආසන්න ප්රමාණයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 450කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇත. 4,000කට ආසන්න සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන පවත්වා ඇති අතර පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති ගණන 2,500කට අධිකය.
(උපුටා ගැනීම දිනමිණ)
