2027දී IMF වැඩසටහනින් රජය ඉවත්වන බව අමාත්‍ය බිමල් කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පවතින වසර හතරක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) 2027 මාර්තු 19 වන දින අවසන් වූ පසු එම ගිවිසුම සාර්ථකව සම්පූර්ණ කර ඉන් ඉවත් වීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියි. 2023 මාර්තු මාසයේදී අනුමත වූ මෙම වත්මන් වැඩසටහන යටතේ තවත් සමාලෝචන දෙකක් පමණක් ඉතිරිව ඇති අතර, එය අවසන් වූ පසු ණය ප්‍රතිසංවිධානයට අදාළ වෙනත් IMF වැඩසටහනකට යොමු වීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

කෙසේ වෙතත්, ගිවිසුමෙන් ඉවත් වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාමාන්‍ය සබඳතා පවත්වාගෙන යාමට රජය කටයුතු කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යනු ප්‍රධාන ජාත්‍යන්තර ආයතන වන බැවින්, ගෝලීය ආර්ථික පද්ධතිය තුළ ක්‍රියාත්මක වන රටක් ලෙස එම ආයතන සමඟ පවතින සබඳතා සුදුසු පරිදි ඉදිරියටත් පවත්වාගෙන යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Social Sharing
නවතම පුවත්