ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද, පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ අරමුණින් සහනාධාර ලබාදෙමින් ඉන්ධන මිල පාලනය කිරීමට රජය තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අකුරැස්සේ පැවැති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අන්තර්ජාතික වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ ජනතාවට එහි බලපෑම අවම කිරීම සඳහා ඉන්ධන මිල පාලනය පවත්වාගෙන යෑමට රජය අපේක්ෂා කරන බවයි.
එමෙන්ම, ඉදිරි අයවැය මගින් ඇතැම් බදු සහන හඳුන්වාදීමට රජය බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම බදු සහන වැඩපිළිවෙළ ඉදිරි අයවැය සැලසුම්වල කොටසක් ලෙස ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
