
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව හෙට (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැණිනි.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී ඇති අතර, දීර්ඝ කාලයක් පුරා පැවති සාක්ෂි විභාගයෙන් අනතුරුව පැමිණිලි සහ විත්ති පාර්ශ්වයන් වෙනුවෙන් සාක්ෂි විමසීම පසුගිය අගෝස්තු 24 වැනිදා අවසන් කෙරිණි.
ඉන් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය ලෙස සැප්තැම්බර් 22 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබීය.
ඒ අනුව, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
