
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව ගණනය කළ මෙරට උද්ධමන අනුපාතය 2026 අගෝස්තු මාසයේදී 8%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මාසයට අදාළ කොළඹ පාරිභෝගික මිල දර්ශක අගයන් ඊයේ (31) පස්වරුවේ ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, 2026 ජූලි මාසයේදී 7.3%ක් ලෙස වාර්තා වූ උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 8%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමන අනුපාතයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, එය 8.5%ක් ලෙස වාර්තා වී ඇත. ජූලි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 6.3%ක් ලෙස පැවතිණි.
කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමන අනුපාතය සුළු වශයෙන් පහළ ගොස් තිබේ. අගෝස්තු මාසයේදී එය 7.7%ක් ලෙස වාර්තා වී ඇති අතර, ජූලි මාසයේදී එය 7.8%ක් විය.
ඒ අනුව, සමස්ත උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර කාණ්ඩයේ මිල ගණන් ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපා ඇති බව පෙනී යයි.
