
ආනයන බදු ව්‍යුහය සරල කිරීම, වෙළෙඳාමට අදාළ පිරිවැය අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින් තෝරාගත් භාණ්ඩ වර්ග රැසකට අදාළ සෙස් (CESS) බදු අනුපාත සියයට 25කින් අඩු කිරීමට රජය යෝජනා කර තිබේ.
ඒ අනුව, රේගු භාණ්ඩ වර්ගීකරණයට අයත් තෝරාගත් සංයෝජිත වර්ගීකරණ කේත (HS Codes) පේළි 800කට අදාළව දැනට ක්‍රියාත්මක සෙස් බදු අනුපාත මෙලෙස අඩු කිරීමට නියමිතය.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ආනයන බදු ව්‍යුහය සරල කිරීම, වෙළෙඳාමට අදාළ පිරිවැය අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරිත්වය ඉහළ නැංවීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණු බවයි.
කෙසේ වෙතත්, මෙම යෝජනාව මගින් සියලුම ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති සෙස් බදු අඩු කිරීමක් සිදු නොවන අතර, තෝරාගත් HS කේත පේළි 800කට අදාළ බදු අනුපාත පමණක් සංශෝධනය කෙරේ.
එමෙන්ම, බදු අඩු කිරීමට අදාළ භාණ්ඩ වර්ග 800හි සම්පූර්ණ නාම ලේඛනය අයවැය කතාව තුළ ඉදිරිපත් කර නොමැති බැවින්, මෙම සංශෝධනයෙන් බලපෑමට ලක්වන නිශ්චිත භාණ්ඩ වර්ග පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.
