
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමය යටතේ ප්රතිලාභ ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් අතරින් 1,391,830ක් ප්රතිලාභ ලබාගැනීමට සුදුසුකම් නොලබන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ.
ඒ අනුව, ප්රතිලාභ ලබාගැනීමට සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට සුබසාධක ප්රතිලාභ පනතේ 11 වන වගන්තියට අනුව අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.
එම අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා 2026 ඔක්තෝබර් 29 වැනිදා සිට නොවැම්බර් 11 වැනිදා දක්වා කාලය ලබා දී තිබේ.
එමෙන්ම, අස්වැසුම ප්රතිලාභ සඳහා සුදුසුකම් ලබා ඇති නමුත් තමන් තෝරාගෙන ඇති ප්රතිලාභ කාණ්ඩය පිළිබඳව සෑහීමකට පත් නොවන ප්රතිලාභලාභීන්ට ද අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව, අස්වැසුම ප්රතිලාභ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ කාලසීමාව තුළ ඒ සඳහා කටයුතු කළ යුතුය.
මේ සම්බන්ධයෙන් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


