ලබන මස අවසානයේ O/L ප්‍රතිඵල එනවා

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ(18) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

ඒ අනුව එම ප්‍රතිඵල ලබන මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව ඒ මහතා පවසයි.

මෙවර පාසල් අයැදුම්කරුවන් 407129 ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 110367 ක් ඇතුළු සමස්ත අයැදුම්කරුවන් 517496 ක් මෙවර විභාගයට පෙනී සිටියිහ.

(නිව්ස්පීඩියා)

Social Sharing
නවතම