උද්ධමනය තවත් ඉහළට

උද්ධමනය පිළිබඳ නවතම දත්ත ප්‍රකාශයට පත්කරමින් එම දෙපාර්තමේන්තුව  අවධාරණය කරේසැප්තැම්බර් මාසයේ ආහාර මිල ගණන්වල වැඩිවීම 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛනදෙපාර්තමේන්තුව පවසයි. 

කොළඹ පරිභෝගික මිල දර්ශකයට අනුව කරන ගණනය කිරීමේදී  පසුගිය අගොස්තු මාසයේ මෙරට අහාර මිල ගණනවලවැඩිවීම දැක්වුණේ   93.7% ක් ලෙසයි.

මේ මාසයේ එය 94.9% ක් දක්වා ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ මස්, මාළු, කරවල , එළවලු, අල හා ,ළූණුඇතුළු අහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යාම බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 

ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල මෙම මාසය තුළ 57.6 % ක් දක්වා ඉහළ ගොස් තිබේ.  

ඒ සඳහා ප්‍රවාහන , ජලය, විදුලිය, ගෙවල් කුලී මෙන්ම භූමිතෙල් මිල ගණන් ඉහළ යාම ද ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. 

මේ අනුව සැප්තැම්බර් මාසයේ සමස්ත බඩු මිල වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය 69.8% කි. 

Social Sharing
නවතම