සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් අද යළි ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට!

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතව තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වීමට නියමිතය.

මීට පෙර මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජිත සංශෝධන ඇත්නම් ඒවා ලිඛිත දේශන මඟින් ඉදිරිපත් කරන ලෙස අධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දී තිබුණි.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් සිය ලිඛිත දේශන පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අද දෙවැනි දිනටත් යළි ආරම්භ කිරීමට නියමිතව ඇත.

අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 26ක් ගොනු කර තිබේ.

“පච්චයක් කොටා ගැනීමත් අපරාධයක්ද?” සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ සැබෑ ගැටලුව කුමක්ද? https://aithiya.lk/46793/%e0%b6%b4%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%b4%e0%b6%bb/

Social Sharing
නවතම පුවත්