
නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවාවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු අල්ල කන්තලේ ජනපද ව්‍යාපෘතිය යටතේ 1952–1956 අතර කාලය තුළ ගොඩනගන ලද ගොවි ජනපදයකි. ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් අතිශය දුක්ඛ දෝමනස්සයන්ට හා ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සිදුවූ බහුතරයක් ගොවීන් වාසය කරන ප්‍රදේශයක් ලෙසද මෙය හඳුන්වා දිය හැකිය.
මෙම ප්‍රදේශයේ ගොවීන් මුහුණ දෙන වර්තමාන ප්රබලතම අභියෝගයක් වන්නේ ඉඩම් අර්බුදයයි. සිවිල් යුද්ධය හේතුවෙන් ගොවීන් සතු ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ වෙත පවරාගෙන තිබූ අතර, මෑතකාලීනව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද ඔවුන්ගේ ඉඩම් අහිමි වීමේ තත්ත්වයක් උද්ගත වී තිබේ.
සේරුවාවිල ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රධාන වන රක්ෂිත කිහිපයක් පිහිටා ඇති අතර, සෝමාවතී අභයභූමිය, සිත්තාරු, වෙරුගල් සහ මහවැලි ගංගා රක්ෂිතය ඒ අතර වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම රක්ෂිතවල සීමා මායිම් ස්ථාපිත කිරීමේදී ප්‍රදේශයේ ගොවීන්ගේ අදහස් හා අවශ්‍යතා පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකර රක්ෂිත මායිම් ලකුණු කිරීම හේතුවෙන් ගොවීන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බවට එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අප මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කරමින් මේ වන විට වැඩිදුර තොරතුරු රැස් කරමින් සිටින අතර, අදාළ ගැටලුව සඳහා සුදුසු නීතිමය ප්‍රවේශයක් වෙත යොමු වීමට අවශ්‍ය කටයුතුද සිදු කරමින් පවතී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ දන්නා පුද්ගලයෙකු මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
කන්තලේ අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0761366919
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100
