දික්කසාද නඩුවකට අල්ලස් ගත් ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට..

ව්‍යාපාරික පුත්‍රයෙකුගෙන් දික්කසාද නඩුවක් ගොනු කොට අදාළ තීන්දුව ලබා දීමට අල්ලස් ඉල්ලූ ගෙලිඔය ක්වාසි විනිසුරුවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව නුවර ප්‍රදේශයේ ව්‍යාපාරයෙක් විසින් මෙම පැමිණිල්ල සිදුකොට ඇති අතර ඔහුගේ පුත්‍රයා විසින් ගොණු කර තිබූ දික්කසාද නඩුවකට අදාළව තීන්දුව ඉක්මනින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා තීන්දුව අප්‍රේල් 19 වන දින මහනුවර අධිකරණ සංකීර්ණයේ පිහිටි කාකි අධිකරණයේ දී ප්‍රකාශ කර එම තීන්දුවේ පිටපතක් සහ දික්කසාද සහතිකය ලබා දීමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත.

එම අල්ලස් චෝදනා මත ගෙලිඔය ක්වාසි විනිසුරුවරයෙකු අප්‍රේල් 21 වන දා පෙ.ව.11.00 ට පමණ ගෙලිඔය පිහිටි සැකකරුගේ කාකි විනිසුරු කාර්යාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Social Sharing
අවකාශය පුවත්