වසර ගණනක් සේවය කළ දෙමාපියන්ගේ EPF අයිතිය වෙනුවෙන් ඉල්ලීමක්!


මුත්තුලිංගම් අම්බිකා මහත්මිය ඇහැළකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටීයි. ඇයගේ මව සහ පියා මේ වන විට මියගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා ජීවත්ව සිටියදී දෙනියාය, එන්සල්වත්ත වතු කොටසේ කම්කරුවන් ලෙස සේවය කර ඇත.

ඔවුන්ගේ සේවා කාලය වෙනුවෙන් ලැබිය යුතු සේවක අර්ථසාධක අරමුදලේ (EPF) මුදල් ලබා ගැනීම සඳහා අම්බිකා මහත්මිය එන්සල්වත්ත වතු කාර්යාලයට කිහිපවරක්ම ගොස් අදාළ පෝරම සම්පූර්ණ කර දෙන ලෙස ඉල්ලා ඇත.

එහෙත්, වතු කාර්යාලය මගින් එම පෝරම සම්පූර්ණ කර දීමට අවශ්‍ය කටයුතු මෙතෙක් සිදුකර නොමැත.
අම්බිකා මහත්මිය පවසන්නේ මේ සම්බන්ධයෙන් කටයුතු කර ගැනීම සඳහා තමා අවස්ථා කිහිපයකදීම වතු කාර්යාලයට පැමිණියද, තම ඉල්ලීම අනුව අදාළ කටයුතු සිදුකර නොදුන් බවයි.

එබැවින්, තම මව සහ පියාගේ සේවා කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝරම සම්පූර්ණ කර ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමට සහාය ලබා දෙන ලෙස අම්බිකා මහත්මිය ඉල්ලා සිටීයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.

දෙනියාය අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0777883730

එසේත් නැතිනම්,

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100

Social Sharing
නවතම පුවත්